දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මහා මණ්ඩලයක්

Thursday, 11 June 2015 - 10:13

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තලවකැළේ - වටගොඩ දුම්රිය ස්ථානයේදී සිදුවූ දුම්රිය අනතුරට හේතුව සොයාබැලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මහා මණ්ඩලයක් පත් කර තිබෙනවා. එම මහා මණ්ඩලය සඳහා  දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ඇතුලූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වන බවයි  දුම්රිය සාමාන්‍යාධිකාරී  විජය අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට හපුතලේ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් තලවකැළේ - වටගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබූ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටුණේ පෙරේදා දිනයේයි. දුම්රිය අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකේම නියාමකවරු ඉන් පැන දිවි බේරාගත්තා.

කෙසේ වෙතත්, මෙම අනතුර පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ නාවලපිටියේ සිට හපුතලේ දක්වා ධාවනය වූ දුම්රියේ නියාමක සදහන්කළේ වටගොඩ දුම්රිය ස්ථානය ලබාදුන් වැරදි සංඥාවක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග සඳහන් කළේ දැනට පවතින දුම්රිය සංඥා පද්ධතිය වසර 150 කටත් වඩා පැරණි බවයි. මේ හේතුව නිසා නව තාක්ෂණය උපයෝගී කරගනිමින් දුම්රිය සංඥා පද්ධතිය නවීකරණය කරමින් සිටින බවද ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories