Update: නාමල්ගෙන් ප්‍රකාශ දෙකක්

Friday, 12 June 2015 - 9:26

Update%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. සිද්ධීන් දෙකකට අදාළව ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සහභාගි වූ අගුණුකොළපැලැස්ස රැස්වීමට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ කටයුතු කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු ගිනි අවියක් රැගෙන ආවා යැයි කියන සිද්ධිය ඉන් පළමු වැන්නයි. එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටි රැස්වීමකදී දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වැරදි සිදුකර නොමැති නිසා ගැටළුවක් නොමැති බවයි.  

මේ අතර, ජනාධිපතිවරයා සහභාගිවූ අගුණුකොළපැලැස්ස රැස්වීමට ගිනි අවියක් රැගෙන ආ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයා සහ පසුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයා මෙන්ම සැරයන්වරයා  මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා. එසේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට තර්ජනය කිරීමේ චෝදනාවට පසුගිය සඳුදා අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.          

          

Update: Friday, 12 June 2015 - 19:58
-------------------------------------------------
සිද්ධීන් දෙකක් ගැන CID ය ප්‍රශ්න කළ බව නාමල් රාජපක්ෂ කියයි

සිද්ධීන් දෙකකට අදාළව තමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා සහභාගි වූ අගුණුකොළපැලැස්ස රැස්වීමට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ කටයුතු කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු ගිනි අවියක් රැගෙන ආවා යැයි කියන සිද්ධිය ඉන් පළමු වැන්නයි. එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටි රැස්වීමකදී දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. පැය 4ක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ අතර ඉන් පිටතට පැමිණීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

Update: Friday, 12 June 2015 - 12:26
.......................................................................................................................

නාමල් තවමත් රහස් පොලිසියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් ලබා ගනිමින් සිටිනවා. පෙරවරු 9 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර මේ වනතුරු ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අගුණකොලපැලැස්සේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමකට ආරක්ෂකයෙකු මන්ත්‍රීවරයා සමඟ ආයුධ සන්නද්ධව පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රහස් පොලිසියට අද කැඳවූ බවයි.

සිද්ධිය පිළිබඳ සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වුණේ ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමට ගිනි අවිය රැගෙන ආ යුද හමුදා කෝප්‍රල්වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කරන අයෙකු බවයි. පසුව සිද්ධිය පිළිබඳව පොලිස්පති  නියමයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිනි අවිය රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා පැමිණි රැස්වීමේ ආරක්ෂාව භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ තවත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනුණේ. මේ වනවිට ඔවුන් තිදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

Update: Friday, 12 June 2015 - 9:26
.......................................................................................................................

නාමල් රාජපක්ෂ රහස් පොලිසියට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය සඳුදා ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් මගින්. ඒ සඳහා හේතු කිසිවක් තමා වෙත දන්වා නොමැති බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අගුණකොලපැලැස්සේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකට ආරක්ෂකයෙකු මන්ත්‍රීවරයා සමඟ ආයුධ සන්නද්ධව පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රහස් පොලිසියට කැඳවා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories