මුස්ලිම් කොංග්‍රසය 20 ට එරෙහි වෙයි. - දෙමළ සන්ධානයට ප්‍රශ්න

Friday, 12 June 2015 - 19:53

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+20+%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1
20 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 237ක් බවට පත් කිරීමේ යෝජනාව ගැන සුළු පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන විවිධ මත දරනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ 20 වන සංශෝධනයේ අවසන් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පක්ෂයේ මතය ප්‍රකාශ කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ කම්කරු ජාතික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ එක්ව පිහිටුවා ගනු ලැබූ දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායක පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ මෙය සුළු පක්ෂ ලැබූ ජයග්‍රහණයක් බවයි.

අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබූ මෙම යෝජනාවට එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය හසන් අලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම තීරණය පිළිබඳව සුළු පක්ෂ සෑහීමකට පත්නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අප දෙමළ ජාතික සන්ධානයෙන් ද විමසීමක් කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ වැඩි කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව බෙදී යන ආකාරය පිළිබදව ආණ්ඩුව නිවැරදි ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් කියා සිටියේ කොට්ඨාශ ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 165ක් විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories