සතොසේ සහල් පිට කිරීමේ ජාවාරමක්

Saturday, 13 June 2015 - 7:43

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සතොසට සහ ලක් සතොසට අයත් කැළණිය - බොල්ලෑගල සහල් ගබඩාවෙන් සහල් තොග, පෞද්ගලික තොග වෙළඳසැල්වලට යැවීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට හිරු සී.අයි.ඒ. ඊයේ (12) සමත් වුණා. සතොස සහ ලංකා සතොස හරහා මෙරටට ආනයනය කරන කිසිදු පාරිභෝගික භාණ්ඩයක් තොග හෝ සිල්ලර වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයින් වෙත අලෙවි කිරීමට කිසිදු හැකියාවක් නැහැ. කෙසේ වෙතත්, මෙම ගබඩාවෙන් සහල් තොග ලක්ෂ ගණනක් පෞද්ගලික වෙළදුන්ට අලෙවි කරන බවයි හිරු සී.අයි.ඒ. සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

දිනකට මෙම ස්ථානයෙන් පෞද්ගලික ලොරි 12කට පමණ සහල් පටවන බව ද හෙළි වුණා. ඒ අනුව දෛනිකව සහල් කිලෝ ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පෞද්ගලික ලොරි මගින් මෙම ගබඩාවෙන් රැගෙන යන අතර මෙලෙස සහල් තොග රැගෙන යාම ආරම්භ වී ඇත්තේ මීට මාස 3කට පමණ පෙර සිටයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories