මවට ඉඳුල් වතුර විසි කළැයි උරණ වී පුතුන් දෙදෙනා පුද්ගලයෙකු පහර දී මරයි

Saturday, 13 June 2015 - 13:09

%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිය මවට ඉඳුල් වතුර විසි කළ බවට චෝදනා කරමින් දොඩම්ගොඩ - සියඹලාගහලැයිම - ඇලදූව ප්‍රදේශයේ පුතුන් දෙදෙනෙකු, පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ (12) පස්වරුවේ මෙම කාන්තාවට ඉඳුල් වතුරෙන් පහර දී ඇති බවට සැක සිතා පුතුන් දෙදෙනා මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. ඝාතනයට සම්බන්ධ සැකකාර 13 හැවිරිදි සහ 17 හැවිරිදි  පුතුන් දෙදෙනා මේ වන විට දොඩම්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඉඳුල් වතුරෙන් පහරදීම අත්වැරැද්දකින් සිදුවූවා ද, නැතහොත් සිතාමතා සිදුකළා ද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි පොලීසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories