කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් පුරවැසිභාවය අහිමි වෙයිද?

Saturday, 13 June 2015 - 13:15

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
කැනඩාව මගින් සම්මත කර ගත් නව සංක්‍රමණික නීතියට අනුව එහි සිටින ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ 40,000කට එරට පුරවැසිභාවය අහිමි වීමේ අවධානමක් පවතින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. කැනඩා රජය පසුගිය දා සම්මත කර ගත් නීතියට අනුව කැනඩාවේ උපත ලැබූ පුරවැසියන්ට හිමි වරප්‍රසාද සියල්ල වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන්ට හිමි වන්නේ නැහැ. ඒ, විදේශයන්හි සිට පැමිණ පුරවැසිභාවය ලැබූ අය දෙවැනි පෙළ පුරවැසියන් ලෙස සැලකීමට කැනඩා රජය තීරණය කිරීම නිසයි. එවැනි පුද්ගලයන්ගේ පුරවැසිභාවය  ඕනෑම මොහොතක අවලංගු කිරීමේ අයිතිය කැනඩා රජය සතු වනවා. මේ නිසා විශේෂයෙන් කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් විශාල පිරිසකට එරට පුරවැසිභාවය අහිමි විය හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories