15ත්, 25ත් වයසේ තරුණ පෙළට HIV - ඒඞ්ස් අවධානමක්

Saturday, 13 June 2015 - 13:28

15%E0%B6%AD%E0%B7%8A%2C+25%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+HIV+-+%E0%B6%92%E0%B6%9E%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසර කිහිපය තුළ අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල තරුණ පිරිසට එච්.අයි.වී - ඒඞ්ස් ආසාදනය වීමේ ප්‍රවණතාව වර්ධනය වී ඇති බව ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ පිළිබඳ නිගමනයකට එළඹිය හැකි බවයි. මේ අතර, පසුගිය මාර්තු 31 වනදා වනවිට ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඞ්ස් වැළඳුනු රෝගීන් 2131 දෙනෙකු හමුවී ඇති බවයි වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ.

පසුගිය වසරේදී එච්.අයි.වී ආසාදනය පිළිබඳ පරීක්ෂණ ලක්ෂ 9 ක් පමණ සිදුකර ඇති බවයි ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories