විස්ස ගැසට් කළොත් උසාවි යනවා

Saturday, 13 June 2015 - 18:55

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
තම පක්ෂයේ අනතුරු ඇඟවීම් නොතකා විසිවන සංශෝධනය ගැසට් කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ බව සඳහන් කළේ මාතලේ අද (13) පැවති රැස්වීමකදියි. තම අදහස් පිළිබඳ සලකා බැලීමක් සිදුනොකළහොත් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් විසිවන සංශෝධනය සම්මත වීම වැළැක්වීමට උපරිම පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.

පසුගියදා සුළු පක්ෂ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මුස්ලිම් කොංග්‍රසය යෝජනා කර තිබුණේ නව මැතිවරණ සංශෝධන යටතේ ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් කැබිනට් මණ්ඩලයේදී ඊට අනුමැතිය හිමි නොවූ බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂ 22 ක් හෙට (14) යළි රැස්වී නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories