ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉස්ලාමීය සටන්කාමී නායකයෙකු මරුට

Monday, 15 June 2015 - 8:20

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉහළ පෙළේ ඉස්ලාමීය සටන්කාමී නායකයෙකු නැගෙනහිර ලිබියාවේදී ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මුක්තාර් බෙල් මුක්තාර් නැමති මෙම සටන්කාමී නායකයා ලිබියාවේ ප්‍රබල ඉස්ලාමීය සටන්කාමී නායකයෙකු ලෙසයි සැළකෙන්නේ. මොහු මීට වසර දෙකකට පෙර ඇල්ජීරියාවේ ගෑස් කර්මාන්තශාලාවකට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු ලෙසයි හැඳින්වෙන්නේ. කෙසේ වුවත් මෙම ඉස්ලාමීය සටන්කාමී නායකයාගේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය පවසන්නේ ලිබියාවේ සිදුකරන මෙහෙයුම් ඉදිරියට සාර්ථකව පවත්වාගැනිම සඳහා මොහුගේ මරණය වාසියක් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories