20 ගැන සුළු පක්ෂවලින් තීන්දු 3 ක්

Monday, 15 June 2015 - 7:42

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සුළු පක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාවේදී තීන්දු  3 කට එළඹ තිබෙනවා. එම සාකච්ඡාවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීන්දු 3 ට තමන් එළඹුනු බවයි. මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙන්ම වතුකරයේ දේශපාලන පක්ෂ නායකයින්ද එක්ව සිටියා. ඊයේ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු සම්බන්ධයෙන් පැහැදිළි කරන පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම සහ පවතින ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්වීම එම තීන්දු 3 බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories