පක්ෂය කඩන්න එපා - ඇමති එස්.බී

Monday, 15 June 2015 - 7:45

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳව ඊයේ (14) පැවති රැස්වීම් කිහිපයකදීම අදහස් පළවුණා. හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින් අසරණ වී ඇති බවයි. එමෙන්ම වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව හෑල්ලූවට ලක් කරමින් විරුද්ධ පාක්ෂික මන්ත්‍රීවරුන්ගෙන් පලිගන්නා ආණ්ඩුවක් බවටද පත්ව ඇති බව ඔහු එහිදී කියා සිටියා.  

මේ අතර මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ තමන් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. සියලූ දෙනා එක්ව තමන්ව හාස්‍යයට ලක් කර ඇති බවයි වියලූව ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන බල මණ්ඩල රැස්වීමකට ඊයේ එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම අවස්ථාවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක ද එක්ව සිටියා. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories