කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ හලාවත - මැරවල දුම්රිය හරස් මාර්ගයෙන් විදුලි සංඥා නොතකා පාපැදියකින් ගමන් කිරීමට තැත් කළ යුවළක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ (14)රාත්‍රී 7ට පමණ කොළඹ සිට හලාවත දෙසට ගමන් ගත් දුම්රියක යුවළ ගමන් ගත් පාපැදිය ගැටී ඇති බවයි. මියගොස් ඇති යුවළ අසරප්පුවත්ත - මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවක් තිබූ බවට තොරතුරු හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
Follow US
Most Viewed Stories