ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 16 June 2015 - 7:54

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 77 වන වියේ පසු වූ ටෝනි රණසිංහ මීට දින 10කට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට  ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1937 ජූලි 31 වන දින මෝදර දී උපත ලද ඒ මහතා මෙරට සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු ලෙසයි සැලකෙන්නේ. පරසතුමල්, ගම්පෙරළිය, හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන් ඔහු සිනමා උළෙලවල් රැසක සම්මානයට පාත්‍ර වුණා. රංගන ශිල්පයට අමතරව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු ලෙස ද ඔහු කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියා.



ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ සහභාගී  වූ  හිරු ටීවී උත්තරීතර වැඩසටහනේ වීඩියෝව පහතින් නරඹන්න







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories