ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනයට විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍යයි

Tuesday, 16 June 2015 - 12:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ වගවීම සහ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පවසනවා. ඔහු කියා සිටියේ ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව තුළින් ඒ පිළිබද අවදානය යොමු කරන බවයි. මානව හිමිකම් කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (15) ආරම්භ වූ එම කවුන්සිලයේ 29 වන සාමාන්‍ය සැසි වාරයට එක්වෙමින්. මෙම සැසි වාරය ජුලි මස 3 වන දා දක්වා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබදව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා සිය සතුට පළ කළා. නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මෙම සැසි වාරයට එක්වූ ඇමරිකානු නියෝජිතයින් පිරිස ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ඔවුන්ගේ පැසසුමට ලක්වුණා. ඔවුන් පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම සදහා ලක් රජය කටයුතු කළ යුතු බවයි.

මේ අතර, හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබද ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුවිය යුතු බවයි. එමෙන්ම එහි විනිවිදභාවයක් පැවතිය යුතු බවද ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories