Update: තිස්ස පැය 5ක් අල්ලස් කොමිසමේ

Wednesday, 17 June 2015 - 10:40

Update%3A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැය 5 ක කාලයක් ප්‍රශ්න කළා. ඒ, ජනාධිපතිවරණ සමයේ රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළවයි.  

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට මීට පෙර කූඨ ලේඛන සකස් කළ බවට ද චෝදනා එල්ල වූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප හිමි වූ අතර, තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවටයි.


Update : Wednesday, 17 June 2015 - 19:09
--------------------------------------------------------
තිස්ස ආයෙත් යයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ඒ, ජනාධිපතිවරණ සමයේ රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. පෙරවරු 10ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා තවමත් ඉන් පිටතට පැමිණ නැහැ.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට මීට පෙර කූඨ ලේඛන සකස් කළ බවට ද චෝදනා එල්ල වූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප හිමි වූ අතර, තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories