ගෝඨාභයට අස්ගිරි මහනාහිමියන්ගෙන් උපදෙසක්

Thursday, 18 June 2015 - 7:56

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දේශපාලනය නොගැලපෙන බැවින් දේශපාලනයට එක් නොවන්නේ නම් වඩාත් යහපත් යැයි තමන් වහන්සේගේ අදහස බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් ප්‍රකාශ කළා. මේ මස 27 වනදා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පැවැත්වීමට නියමිත ජය පිරිත් දේශනය සඳහා එක්වන ලෙස උන්වහන්සේට ආරාධනා කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ අස්ගිරි මහා විහාරයට ගිය අවස්ථාවේදී මහනාහිමියන් මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පිටතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවට ඉන්දීය මාධ්‍ය පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් විමසීමක් කළා.  ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහනාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ටද ජය පිරිත් දේශනය සඳහා වැඩම කරන ලෙස ආරාධනා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories