Update: මන්ත්‍රිධුරය ඉල්ලා ෆොන්සේකා ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේපයි

Thursday, 18 June 2015 - 11:02

Update%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය යළි ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගොනුකල පෙත්සම අභියාචනාධිකරණය අද (18) නිෂ්ප්‍රභ කළා. අද මෙම පෙත්සම  විභාගයට ගනු ලැබුවේ විජිත් මළල්ගොඩ සහ එච්.සී.ඒ. මඩවල  අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල හමුවේයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව පවසමිනුයි විනිසුරු මඩුල්ල  පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

 මීට පෙර සරත් ෆොන්සේකාට යළි මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ ලේකම් ලෙස කටයුතු කරන සේනක ද සිල්වා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද  ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළා. ඒ, මෙම පෙත්සම කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නීතිපතිවරයා ගොනු කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනිමින්. 









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories