තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ ඇයි ?

Thursday, 18 June 2015 - 16:12

%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ ඇයි දැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රශ්න කර සිටිනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ජනවරමට ගරු කරනු - දුන් පොරොන්දු ඉටු කරනු යන තේමාව මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද සංවිධාන කර තිබූ විරෝධතා පාගමනෙන් අනතුරුව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති රැස්වීමකට එක්වෙමින්.

අද (18) පස්වරුවේ පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ කෙරුණු මෙම පාගමන මරදාන ඔස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණියා. එම අවස්ථාවේදී මරදාන අවට මාර්ගවල සහ කොටුව දුම්රියපොළ ආසන්නයේ මාර්ග තදබදයක්ද පැවති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories