මුම්බායි යටවෙයි- මත්පැන් විෂවී 17ක් මරුට

Friday, 19 June 2015 - 10:24

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93+17%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දැඩි වර්ෂාපතනය නිසා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ දෛනික කටයුතු ඇණ හිට ඇති බව වාර්තා වනවා. දුම්රිය සේවා නතර වී ඇති අතර නගරයේ සියලූම පාසල් වසා දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ අදත් එහි දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

මේ අතර, මත්පැන් විෂවීමකින් මුම්බායි නගරය තදාසන්නයේ පැල්පත්වාසීන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මුම්බායිහි මලාද් ප්‍රදේශවාසීන් වන මොවුන් ඊයේ (18) රාත්‍රියේ රෝහල් ගත කර ඇත්තේ නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් අනතුරුවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories