ඇමරිකානු වීසා ප්‍රමාදයක්

Friday, 19 June 2015 - 19:19

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කාර්යාලයේ වීසා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඇමරිකානු වීසා සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රමාදයන් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. මෙමගින් ඇති වන අපහසුතාවය පිළිබදව කණගාටුව පළ කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ජුනි 8 වන දාට පසු අනුමත කළ සංක්‍රමණික නොවන වීසා බොහොමයක් මුද්‍රණය කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලයට හැකි වී නැහැ. එසේම එදිනට පසු අන්තර්ජාලය හරහා යොමු කළ වීසා අයදුම්පත් පිළිබද සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ද නොහැකි වූ බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ. ඊට අදාළ තොරතුරු සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා 011 770 3703 යන දුරකථන අංකයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය ඇමතීමෙන් ලබා ගත හැකිියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories