විදේශ ඇමති - ජපාන අගමැති හමුවේ

Saturday, 20 June 2015 - 13:11

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ජපාන අගමැති ෂින්සෝ අබේ ටෝකියෝ නුවර දී ඊයේ (19) මුණ ගැසුණා. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අමාත්‍යවරයා, ජපාන අගමැතිවරයා සමඟ මෙම සාකච්ඡාවේ නිරත වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. නව රජය බලයට පත්වීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යවරයා ජපානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

ජපාන විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ආරාධනයෙන් ටෝකියෝ නුවර අද (20) පැවැත්වෙන සමුළුවක් ද අමාත්‍ය මංගල සමරවීර විසින් ඇමතීමට නියමිතයි. ඊට ජපාන රජයේ මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වනු ඇති. ආසියානු රටවල සාමය ගොඩනැගීම, ජාතික සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදවයි මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදීකරණ ක්‍රියාවලිය පිළිබදව අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කරනු ඇති.

චීනය මත යැපුණු මෙරට ආර්ථික ප්‍රතිපත්තිය නැවත ඇගයීමකට ලක් කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, එන්.එච්.කේ. රූපවාහිනි සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අනෙකුත් ජාතීන් සමඟ ද සමීප සබඳතා ගොඩනැගීමට කටයුතු කරන බවයි. පසුගිය 17 වන දා ජපානය වෙත ගිය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ සංචාරය අද සමාප්ත වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories