රාගම සැත්කමෙන් බිරිඳ මියගිය බවට සැමියෙකුගෙන් චෝදනා

Saturday, 20 June 2015 - 19:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7++%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රාගම රෝහලේදී සිදුකළ සැත්කමක් අතරතුර සිදුවූ අත්වැරදීමකින් තම බිරිඳ ජීවිතක්ෂයට පත්වූ බවට රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුු චෝදනා කරනවා. ඔහු ප්‍රකාශ කළේ් තම බිරිඳගේ ගර්භාෂයේ ඇති වූ ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමට ජුනි 5 වනදා රෝහල් ගත කළ බවයි. සැත්කමෙන් අනතුරුව, අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඇයට තවත් සැත්කමක් කළ යුතු බවයි.

ඒ අනුව, පසුගිය ජුනි 14 වනදා ඇය දෙවන වරටත් සැත්කමකට භාජනය කර තිබෙනවා. එහිදී නැවතත් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 17 වනදා ඇය ජීවිතක්ෂයට පත්වුණා.

මියගොස් ඇත්තේ දිවුලපිටිය - කුඩගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි  39 හැවිරිදි දෙදරු මවක්. මියගිය කාන්තාවගේ සැමියා පවසන්නේ සැත්කමේ කැපුමෙන් විෂබීජ ශරීර අභ්‍යන්තරයට ඇතුළු වීම නිසා ඇය මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම්.එම්.සමරනායකගෙන් විමසීමක් කළා. මියගිය කාන්තාවගේ සැමියා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඇය මියගොස් ඇත්තේ  ශල්‍යකර්මයේ අත්වැරදීමකින් නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories