කළු ඇමරිකානුවන් ඝාතනය කළ සුදු අන්තවාදියා ගැන තවත් තොරතුරු රැසක්

Sunday, 21 June 2015 - 10:01

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ දකුණු කැරොලයිනා ප්‍රදේශයේ කළු ඇමරිකානුවන්ගේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පුද්ගලයන් 9 දෙනෙකු ඝාතනය කළ 21 හැවිරිදි ඩිලාන් රූෆ් නැමති සුදු ජාතික තරුණයා පිළිබඳ තවත් තොරතුරු රැසක් දැන් හෙළිවෙමින් පවතිනවා. අන්තර්ජාලයේ මෙතෙක් හඳුනා නොගත් වෙබ් අඩවියක ඔහු ඇමරිකානු ධජය පුළුස්සන ඡායාරූපයක් මෙන්ම එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශවල සිවිල් යුද සමයේ භාවිත කළ ධජය සමඟ ලබාගත් ඡායාරූපද සටහන්වීම ඊට හේතුවයි.

ඇමරිකානු සිවිල් යුද සමයේ දකුණු දිග ප්‍රදේශ වෙන්වීමට උත්සාහ කළේ කළු ජාතිකයන් වහල් භාවයෙන් මුදවාලීමට එරෙහි වෙමින්. මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන්ද ඇමරිකානු රහස් තොරතුරු කාර්යාංශය දැන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories