දසතට විහිදුණු විදේශ ප්‍රතිපත්තියක්

Sunday, 21 June 2015 - 12:33

%E0%B6%AF%E0%B7%83%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ යහපත සහ එහි අභිලාෂයන් උදෙසා දසතට විහිදුණු විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. සිය ජපාන සංචාරයේදී නිකේ ඒෂියන් රිවීයු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේ එය වෙනත් කිසිදු බලගතු රටක අවශ්‍යතාවන් අනුව සකස් නොකරන බවයි.

අසල්වැසි දැවැන්ත රාජ්‍යයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේ යැයි ජපාන පුවත්පත සඳහන් කළා.

නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ එය ඉන්දීය හිතවාදී නොව ශ්‍රී ලංකා හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් බවයි. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව චීනය සමඟද විශිෂ්ඨ සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බවද අමාත්‍යවරයා අවධාරනය කළා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව කිසිදු බල කඳවුරකට සීමා නොවන බවයි ඔහු කියා සිටියේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගිය 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයේ සංචාරය කළ අතර, එහිදී ජපාන විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිඩා මෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේද මුණගැසුණා.

නව රජය බලයට පත්වීමෙන් පසු විදේශ අමාත්‍යවරයා ජපානයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. සිය සංචාරයේදී ශ්‍රී ලංකාවට ජපාන ආයෝජකයන් ආකර්ශනය කරගැනීමේ ක්‍රියාමාර්ගවල නිරතවූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඒ සඳහා වන සමුළුවක්ද ඇමතුවා.

මේ අතර ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනී සේවාව සමඟ අමාත්‍ය මංගල සමරවීර සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිළි කිරීමක් නිකුත්කර තිබෙනවා. එමඟින් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා සිය සාකච්ඡාවේදී කිසිදු රටක් ඉලක්ක කරගෙන මෙරට විදේශ ප්‍රතිපත්තිය යළි ඇගීයමට ලක් කරන බව ප්‍රකාශ නොකළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories