Update: ජෙලි ෆිෂ් අවදානම බටහිර සහ නිරිතදිග මුහුදටත්

Sunday, 21 June 2015 - 18:33

Update%3A+%E0%B6%A2%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B7%86%E0%B7%92%E0%B7%82%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ස්පර්ශයෙන් ආසාදන ඇතිවිය හැකි මුහුදු ලොඩියන් හෙවත් ජෙලි ෆිෂ් මත්ස්‍ය ගහනය ඉහළ ගොස් ඇති නිසා මේ දිනවල බටහිර, නිරිතදිග සහ දකුණු මුහුදු තීරය භාවිතා කිරිමෙන් හැකිතාක් වළකින ලෙස සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරිතදිග මෝසම් වැසි නිසා මුහුදේ ඇති වන සුපෝෂණ තත්ත්වය ඉහළ යාම ජෙලි ෆිෂ් මත්ස්‍ය ගහණය වැඩිවීමට හේතු වී ඇති බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන ඔහු මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශ වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු පැහැදිලි කළා. ඔහු කියා සිටියේ ස්පර්ශ වූ විගස අතින් ඇතිල්ලීමක් සිදුනොකර විනාකිරි හෝ උණු වතුර භාවිත කර එම ස්ථානය සෝදා හරින ලෙසයි. අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය වර්ගය ශරීරයේ ස්පර්ශවීම හේතුවෙන් මාතර - පොල්හේන වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු පමණ අද (21) දිනයේත් රෝහල් ගත කර තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයට පැමිණීම සහ දිය නෑම තහනම් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් අද පියවර ගත්තේ. ඊට අමතරව ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජෙලිෆිෂ් ස්පර්ශවීමෙන් පසුගිය දින කිහිපයේම රෝහල් ගත කර ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළා. කෙසේ වෙතත්, ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය මග හැරී යනු ඇති බවට අපේක්ෂා කරන බවයි එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ.  

මෙම ජෙලි ෆිෂ් මත්ස්‍ය විශේෂය ස්පර්ශ වන ඇතැම් පුද්ගලයින්ට මාරාන්තික විෂ සහිත විය හැකි අවස්ථා ද පවතිනවා.



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/XdQb2v


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories