20 මඟ පෙන්වීමක් පමණයි - අවශ්‍ය නම් ආපසු හැරවිය හැකියි - ජනපති

Tuesday, 23 June 2015 - 7:54

20+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන මඟ පෙන්වීමක් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ ඊයේ (22) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ ගැසට් නිවේදනයේ ඇති කිසිදු කරුණක් අවසානාත්මක නොවන අතර අවශ්‍ය නම් ආපසු හැරවීමට ද හැකියාවක් පවතින බවයි.

මේ අතර, ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දැක තිබෙනවා. ඒ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ සාක් සංවිධානයට අයත් රටක පාර්ලිමේන්තුවට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය තමා දැඩිව හෙළා දකින බවයි. මෙවැනි ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා කප්පල් කිරීමට දරණ උත්සාහය සාර්ථක නොවනු ඇති බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ඊයේ පෙරවරුවේ කාබුල් අගනුවර පිහිටි ඇෆ්ගන් පාර්ලිමේන්තු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරයට එක්වූ තලෙයිබාන් සාමාජිකයන් 6 දෙනාම ප්‍රති ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories