සම්බන්ධීකාරක මන්ත්‍රීවරුන් හෙට හිටපු ජනපති හමුවෙයි

Tuesday, 23 June 2015 - 8:11

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සම්බන්ධීකරණය කටයුතු සඳහා පත් කළ නිදහස් පක්ෂ සය පුද්ගල කමිටුව හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට නියමිතයි. ඒ, පසුගිය දා ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සිදුකළ සාකච්ඡා පිළිබදව දැනුම් දීම සඳහායි.

පසුගිය 19 වන දා මෙම කමිටුව මුල්වරට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. එහිදී වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළඹීමට හැකි වූ බවයි එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ කමිටු සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කර සිටියේ.

පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්  හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සය පුද්ගල කමිටුවක් නම් කරනු ලැබුවා. එම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories