'වවුනියාවේ දිසාපති එපා ' - උතුරේ විරෝධය

Tuesday, 23 June 2015 - 18:41

%27%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%27+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
උතුර පළාත් සභා ප්‍රධාන දොරටුව අවහිර කරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීවරු අද (23) විරෝධතාවක නිරතවුණා. ඔවුන් එහිදී ඉල්ලා සිටියේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර  වෙනත් දිස්ත්‍රික්කයකට මාරු කර යවන ලෙස ලෙසයි. පසුගිය 9 වැනිදා උතුර පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් වවුනියාව දිසාපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බවට සභාව තුළ ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත්තා. ඒ, තම ඉල්ලීම්වලට දිසාපතිවරයා ප්‍රතිචාර නොදක්වන බව පවසමින්.  කෙසේ වෙතත් අද පැවති විරෝධතාවට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. වි්ග්නේෂ්වරන් සහභාගි වී නැහැ.  ඔහු මේ දිනවල විදේශගතව  සිටින බව සඳහන්.

මෙම විරෝධතාව පිළිබඳව අප වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍රගෙන් ද විමසා සිටියා. ඔහු කියා සිටියේ තමන් රජයේ නිලධාරියෙකු මිස කිසිදු දේශපාලන පාර්ශවයක් නියෝජනය නොකරන්නෙකු බවයි. අවශ්‍ය  ඕනෑම අවස්ථාවක, රටේ  ඕනෑම තැනක සේවය කිරීමට තමන් බැඳී සිටින බවද දිසාපතිවරයා අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories