කොළඹ පදික වෙළඳුන්ට අවසර දෙනවා ද නැද්ද? - තීරණයට කමිටුවක්

Wednesday, 24 June 2015 - 8:26

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%3F+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රාමසාන් උත්සවය කාලසීමාව වෙනුවෙන් පමණක් කොළඹ නගරයේ පදික වෙළදුන්ට වෙළදාම සඳහා අවසර ලබාදීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සදහා පාර්ශව කිහිපයක නියෝජනත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී යෝජනා වූ බවයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් කියා සිටියේ. නාගරික සංවර්ධන අධිකාරිය, පොලීසිය, මහනගර සභාව සහ වෙළෙන්දන් ඇතුළු තවත් පාර්ශව කිහිපයක් මෙම කමිටුවේ සාමාජිකයන්.

දෛනිකව කොළඹ නගරයේ ගමන් කරන අතිවිශාල වූ ජනතාවට පදික වේදිකා ඉදි කර  ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔවුන්ට අවහිරයක් වූ පදික වෙළඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තා. මෙම වෙළඳුන්ගෙන් ඇතැම් පිරිසකට විකල්ප ස්ථාන ඉදි කෙරුණු අතර, ආරක්ෂක අමාත්‍යාංශය පොලීසියට නියෝග කර තිබුණේ පදික වෙළඳමේ නිරතවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මෙම තීරණයත් සමඟ කොළඹ පදික වේදිකා ජනතාවගේ නිදහස් ගමනාගමනයට විවර වුණා. නමුත් වෙළඳුන් යළි එහි තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories