පසුගිය රජයේ ත්‍රස්තවිරෝධී ලෝක වැඩපිළිවෙල අසාර්ථකයි - විදේශ ඇමතිගෙන් චෝදනා

Wednesday, 24 June 2015 - 13:15

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ත්‍රස්තවාදය නැවත හිස එසවීම වැළැක්වීම සඳහා පසුගිය රජය ගත් ක්‍රියාමාර්ග අසාර්ථක බව ත්‍රස්තවාදය පිළිබඳව 2014 වසර සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙන් සනාථ වී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළදී යුධමය වශයෙන් පරාජය කළ ද එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලය තවදුරටත් සක්‍රියව පවතින බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ එම වාර්තාවේ දැක්වුණේ. කෙසේ වෙතත්, අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ මෙම වාර්තාව වත්මන් රජයට අදාළ නොවන බවයි. යුරෝපයේ කොටි තහනම නැවත සක්‍රිය කර ගැනීමට හැකිවූයේ ද වත්මන් රජයට බව මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා සිහිපත් කළා.

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පසුගිය රජය ගෙන ගිය වැඩපිළිවෙලට වෙනස් වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර තවදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories