Update: ආන්දෝලනාත්මක මිරුසුවිල් ඝාතනය: සෙබළෙකුට මරණ දඩුවම - 4 ක් නිදහස්

Thursday, 25 June 2015 - 11:50

Update%3A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+-+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
යාපනය - මිරුසුවිල් ප්‍රදේශයේදී දෙමළ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එවකට යුද හමුදා දිගුදුර මෙහෙයුම් ඒකකයට අනුයුක්තව සිටි සෙබළෙකුට කොළඹ මහාධිකරණය මගින් අද (25)  මරණ දඬුවම නියම කළා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී තීන්දු කළේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම යුද හමුදා ඒකකයේම කටයුතු කළ සෙබළුන් හතරදෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමටයි.

2000 වසරේ දෙසැම්බර් 19 වැනිදා සහ 20 වැනිදා මෙම සිවිල් වැසියන් 8 දෙනා යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පැහැරගෙන ඝාතනය කිරීම මොවුන්ට එරෙහිව එල්ලවූ  චෝදනාවයි.

 සිරුරු සමූහ මිනී වළක තිබී පසුව සොයා ගැනුනු අතර, එම ඝාතන සිද්ධිය ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ආන්දෝලනයකට ලක්වුණා.

යුද්ධයේදී අවතැන්වූ සිවිල් වැසියන් පිරිසක් උඩුප්පිඩි ප්‍රදේශයේ සිට මිරුසුවිල් හි පිහිටි තම නිවෙස් පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවකදී මෙලෙස හමුදාව විසින් පැහැරගත් බවටයි චෝදනා  එල්ලවූයේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් නඩුව විභාග කරනු ලැබූ අතර, අද  තීන්දුව ලබාදුන්නේ ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන විනිසුරුවරුන් විසින්. මෙම නඩුවේ එක් විනිසුරුවරයෙකු විශ්‍රාම යෑම මීට හේතුවයි.



Update: Thursday, 25 June 2015 - 12:40
------------------------------------------------------

හමුදා සෙබළෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම

හමුදා සෙබළෙකුට මහාධිකරණය මරණ දඬුවම නියම කරයි. 2000 වසරේදී යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ දී පුද්ගලයින් 8 දෙනෙකු  ඝාතනය කළ  බවට සෙබළා වරදකරු වී ඇත. චෝදනා ලබා සිටි තවත්  සෙබළුන් 4කට  නිදහස හිමිව තිබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories