ජනාධිපති මන්දිරය හැර වෙනත් ඕනෑම නිල නිවසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට හැකියාව පවතින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද (25) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ලබාදෙන වරප්රසාද සම්බන්ධයෙන් ඊයේ දිනයේ මතුකළ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ. මීට අමතරව හිටපු ජනාධිපතිවරයාට හොඳම උපාංගවලින් සහිත අධි ආරක්ෂිත බෙන්ස් රථයක් ලබාදී ඇති බවද අග්රාමාත්යවරයා සිහිපත් කර සිටියා. එවැනි බෙන්ස් රථයක් ජනාධිපතිවරයාට හෝ තමන්ට නොමැති බවයි අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේ.
Follow US
Most Viewed Stories