හකීම්ට යහපාලනය ගැන තේරුමක් නැහැ - ඇමති රාජිත කියයි

Thursday, 25 June 2015 - 18:59

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යහපාලනය පිළිබඳ අවබෝධයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රාවුෆ් හකීම්ට තිබිය යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩලයේ කුස්සියේ කල්ලියක් සිටින බවට රාවුෆ් හකීම් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය අපේක්ෂක ධුරය ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. එහිදී මාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයා අතර ඇතිවුයේ මෙවැනි සංවාදයක්. එහිදී ඔහු කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය මේ වනවිට සමාජයට හෙළිදරව්වෙමින් පවතින බවයි.

මේ අතර, රජයේ විධායක නිලධාරීන්ට අතුරු අයවැයෙන් පොරොන්දු වූ දීමනාව ලබන ජුලි මස 01 වනදා සිට ලබාදීමට කැබිනට් අනුකාරක සභාවේ එකඟත්වය හිමිව තිබෙනවා. ඒ අනුව වසර 06 ක සේවා කාලයක් ඉක්ම වූ විධායක නිලධාරීන්ට රුපියල් 3000 ක්ද, වසරේ හයේ සිට 11 දක්වා සේවා කාලයක් ඇති විධායක නිලධාරීන්ට රුපියල් 5000 ක්ද, වසර දොලහේ සිට 19 දක්වා සේවා කාලයක් ඇති විධායක නිලධාරීන්ට රුපියල් 10000 ක් සහ වසර 19 ට වඩා සේවා කාලයක් ඇති විධායක නිලධාරීන්ට රුපියල් 15000 ක දීමනාවක් ලබාදෙනු ඇති.

එමෙන්ම, ග්ලයිෆෝසේට් වල් නාශකය ආනයනය තහනම් කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. එසේම, දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක වන කඩිනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගිලන් රථ වෛද්‍ය රැකවරණ සේවයක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමටද අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකටද අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ. සියලූම අධිකරණ විනිසුරුවරුන් සඳහා රුපියල් පන්ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රුපියල් 35,000 ක බාහිර ප්‍රතිකාරයන්ට යටත් එම රක්ෂණාවරණය සඳහා වන දායක මුදලින් 75% ක ප්‍රමාණයක් රජය විසින් දැරීමටත් එකඟතාවය පළ වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories