Update: ජනපති, හිටපු ජනපති හමුවක් පැවැත්වුණේ නැහැ - දෙපස මාධ්‍ය කියයි

Friday, 26 June 2015 - 10:39

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA++%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර කතානායක නිල නිවසේදී ඊයේ (25) හමුවක් පැවති බවට පළ වී ඇති පුවත්පත් වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. හිටපු ජනපති මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට ද එවැනි හමුවක් වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත්, අද (26) දිනයේ ජාතික පුවත්පතක පළ වූයේ ජනපති සහ හිටපු ජනපති අතර ඊයේ රාත්‍රියේ හදිසි හමුවක් පැවති බවයි. කතානායක නිල නිවසේ පැවති එම හමුවට ජනපති සහ හිටපු ජනපති හැර වෙනත් කිසිවෙකු සහභාගි වී නොසිටි බවද එහි සඳහන් වනවා.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිල නිවසේදී ඊයේ රාත්‍රියේ සාදයක් පැවති අතර, ඒ අතරතුර රාත්‍රි 10 ට පමණ හිටපු ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් යළි පැමිණ ඇති බවද ආරංචි මාර්ග වාර්තා කළා. තම දේශපාලන ගමන් මඟ තීරණය කරන්නේ තමන් නොව තමන් වටා සිටින බලවේග බව හිටපු ජනාධිපතිවරයා මෙම සාදය අතරතුරදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්වීමට දැන් ප්‍රමාද වැඩි බවයි.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂ ඔඩොක්කුවේ නැලවීමට නොවන බවයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය අද තමන් සමඟ සිටින බවත් එම ස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඔහු අවධාරණය කළ බවයි සාදයට එක්වූ මන්ත්‍රීවරයෙකු පැවසුවේ.

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ නිල නිවසේ ඊයේ පැවති සාදයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87 දෙනෙකු එක්ව සිටියා. ඩග්ලස් දේවානන්දා, ප්‍රභා ගනේෂන්, ආරුමුගන් තොණ්ඩමන්, විනයාගමූර්ති මුරලිදරන්, වයි.ජී.පද්මසිරි, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යනාදී පක්ෂ 11 ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට එක්වුණා.

මේ අතර, රෝහලෙන් නික්මීමෙන් පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලන කටයුතු නැවතත් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. විශේෂයෙන් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන සහ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට හිටපු අමාත්‍යවරයා එක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories