Update : මැතිවරණ කොමිසම පත්වන තුරු ඉන්නවා - විශ්‍රාම ගිය ඡන්ද කොමසාරිස්

Friday, 26 June 2015 - 15:26

Update+%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
මැතිවරණ කොමිසම පත් කරන තුරු තමන් කොමසාරිස් ධුරයේ කටයුතු කරන බව තනතුරෙන් විශ්‍රාම ගත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැණයකට පිළිතුරු දෙමින්. ඔහු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණියේ විශ්‍රාම යන සේවකයෙකු විසින් අත්සන් කළ යුතු ලිපිලේඛනවලට අත්සන් තැබීමටයි. නව මැතිවරණ කොමිසම පත් කරන තුරු හිටපු කොමසාරිස්වරයා ධුරයේ කටයුතු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කළා.

Update: Saturday, 27 June 2015 - 8:16
-------------------------------------------------------
මැතිවරණ කොමිසම පත්වනතුරු  විශ්‍රාමගත් මැකෝ රාජකාරියේ


මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් ධුරයෙන්  විශ්‍රාම ගැනීමට අදාළව ලිපි ලේඛණ  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අද (25) පෙරවරුවේ භාරදුන්නා.

මහින්ද දේශප්‍රිය සඳහන් කළේ තමන් අද විශ්‍රාම ගිය බවට පළවන වාර්තා අසත්‍ය බවයි. පසුගිය 06වනදාට 60වෙනිවිය සැපුරූ තමන් එදින සිට නීත්‍යානුකූලව විශ්‍රාමගත යුතු බව අවධාරණය කළා.

කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත්වන තුරු සිය රාජකාරියේ නිරතවියයුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව, ව්‍යවස්ථා සංශෝධනය වනවිට රාජකාරියේ නිරත මැතිවරණ කොමසාරිස්වරයා, මැතිවරණ කොමිසම පත්කරනතුරු කොමසාරිස් ධුරයයේ සහ කොමිසමේ රාජකාරී කටයුතු ඉටුකළ යුතුය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories