පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ඇමතිවරයෙකුගෙන් විශේෂ ඉල්ලීමක්

Friday, 26 June 2015 - 19:21

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව කැදවා ඒ හරහා කොමිෂන් සභා ඇතුළු අනෙකුත් පත් කිරීම් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අවධාරණය කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පිටුදැකීමට ගොස්, තමන් වෙනත් අවුලකට පත් වී ඇති බවට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ ඇතැමුන් එම ප්‍රකාශය පිළිබඳ වැරදි වටහා ගැනීමක සිටින බවයි. මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීම ගැන තමාට කිසිදු කණගාටුවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ අමාත්‍ය අනුකමිටුව තුළදී එක්තරා අමාත්‍යවරයෙක් ඒකාධිපති ස්වරූපයෙන් හැසිරුණු බවට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පිළිබඳව ද යන්න මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්නයක් මතු කළා. අමාත්‍ය රවුෆ් හකීම් ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

‘‘තොප්පිය  ඕන කෙනෙකුට දාගන්න පුළුවන්. මම දැක්කා රාජිත ඇමතිවරයා ටිකක් දරුණු විදියට කතා කරලා තිබ්බා. කැබිනට් ප්‍රකාශක වුණාම ඊට වැඩිය සංවර වෙන්න  ඕන.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories