බැඳුම්කර නිකුතුව ගැන කෝප් අතුරු වාර්තාව කෝ ? විපක්ෂයෙන් ප්‍රශ්න

Friday, 26 June 2015 - 19:32

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9D+%3F+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කෝප් අනුකමිටුවේ වාර්තාව අද (26) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණත් එය සභාවට ඉදිරිපත් වූයේ නැහැ. ආරංචි මාර්ග සදහන් කළේ කෝප් අනුකමිටුවේ ඇතැම් සාමාජිකයන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කාලයක් ඉල්ලා සිටීම සහ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අත්සන් මෙම අතුරු වාර්තාවට ලබා ගැනීමට නොහැකිවීම ඊට හේතු වී ඇති බවයි. මෙම අනුකමිටුව ඊයේ අවසන් වරට රැස්වූ අවස්ථාවේදී බැඳුම්කර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සකස් කෙරුණු අතුරු වාර්තාවක් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබූ අතර, ඒ පිළිබදව කථානායකවරයා ද දැනුවත් කර තිබුණා.

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පසුගිය දා පත් කළා. හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකරට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, අර්ජුණ රණතුංග, හසන් අලි, රාජිව් විජේසිංහ, ඊ. සරවනභවන්, වීරකුමාර දිසානායක, ඉරාන් වික්‍රමරත්න සහ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට ඇතුළත්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මෙම අනුකමිටුව වෙත දෙවරක් කැදවූ අතර, මහබැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද පසුගිය කාලයේ කෝප් අනු කමිටුව වෙත ගෙන්වා මේ පිළිබදව විමසීම් කර තිබෙනවා. ඊට අමතරව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගගෙන් ද මෙම කමිටුව ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

කොළඹ ඊයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කියා සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාගෙන්ද ප්‍රශ්න කරන ලෙස තමන් පාර්ලිමේන්තු කෝප් කමිටුවට අභියෝග කරන බවයි.  

කෙසේ වෙතත්, අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මෙම අතුරු වාර්තාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් දීර්ඝ ලෙස කථනායකවරයාගෙන් ප්‍රශ්න කළා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඒ සඳහා ආණ්ඩුවේ බලපෑමක් නොමැති බවයි. ඒ අනුව ලබන 7 වන දා පාර්ලිමේන්තු දිනයේදී මේ පිළිබද සභාවට දැනුම් දෙන බව කථානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. සභාවෙන් නැගුණු පැණයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් නොවුණහොත් තමාට කළ හැකි දෙයක් නොමැති බවයි.                               

මේ අතර, හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ මෙම අතුරු වාර්තාව මගින් නිසි ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර නොතිබුණහොත් සියලූ තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories