පාසල් සිසුන් ඉලක්ක කර මත් බීම අලෙවි කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

Saturday, 27 June 2015 - 8:38

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් අවට අලෙවි කරන පැණි බීම විශේෂයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළේ අදාළ පැණි බීම වර්ගය අලෙවි කරන වෙළදසැල් සොයා පොලීසිය සමඟ එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.  

පාසල් සිසුන් මත් කිරීම සඳහා යොදාගැනීමේ අරමුණින් අලෙවි කරන බීම වර්ග සහ තවත් විවිධ ද්‍රව්‍ය පිළිබඳ පසුගිය දිනවල තොරතුරු අනාවරණ වුණා. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වූයේ කෑගල්ල නගරයෙන්. එහිදී නගරයේ වෙළදසැලක තිබී සිසුන් මත් කිරීම සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ ජෙලි පානයක් අඩංගු පැකට් තොගයක් සොයා ගත්තා.

මේ අතර පෑලියගොඩ ප්‍රදේශයෙන් ද ප්‍රසිද්ධ පාසල් අසළ වෙළඳසැල් කිහිපයක තිබී ගංජා මිශ්‍රිත ගුලි අඩංගු පැකට් 2200 ක සොයා ගැනුනා.

එමෙන්ම පාසල් සිසුන් මත් කිරීම සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක් පිළිබද තොරතුරු පසුගිය දා වාර්තා වූණේ කළුතර - මග්ගොන ප්‍රදේශයෙන්. ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අධි මාත්‍රාවකින් යුත් ඖෂධ වර්ගයක් පාසල් සිසුන්ට මත්වීම සඳහා අලෙවි කළ ඖෂධ අලෙවිසැලක් කළුතර - මග්ගොන නගරයේදී වටලනු ලැබුවේ වලාන දූෂණ මර්ධන ඒකකය මගින්.  එහිදී අදාළ ඖෂධ කරල් 200 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. වෙළඳසැල් හිමියන් පාසල් සිසුන් සඳහා මෙම කරලක් රුපියල් 50 ත් 70 ත් අතර මිලකට අලෙවි කර තිබෙනවා.

පාසල් සිසුන් මත් කිරීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම පිළිබද පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වුණා. පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය දා සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් මත් කරන බීම වර්ගයක් ගම්පහ, පුත්තලම, පොලොන්නරුව සහ මහනුවරින් සොයා ගත්තා. පසුව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූයේ  පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු චීනයෙන් අදාළ බීම වර්ගය ගෙන්වා ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ  දෙමව්පියන් සහ ගුරුවරුන්, පාසල් සිසුන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories