මහරගම නව සති පොළත් දෙවරක් විවෘත කරයි

Sunday, 28 June 2015 - 8:16

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් කිහිපදෙනෙකු මුල්ගල තැබීම පොදු ජනතාවට සාමාන්‍ය සිද්ධියක්. එහෙත් එලෙස මහජන මුදලින් ඉදිවන සංවර්ධන ව්‍යාපෘති දේශපාලනඥයින් කිහිපදෙනෙකු අතින් අවස්ථා ගණනාවකදී  විවෘතවීමත් දැන් සුලබ කරුණක් වීි තිබෙනවා. ඊයේ (27) එවැනි සිදුවීමක් මහරගම නව සති පොලේදී සිදුවුණා.

නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් අලූතින් ඉදි කෙරුණු මහරගම සති පොල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 කට අධිකයි. එම සති පොල ඊයේ පෙරවරු 10.30 ට පමණ සුබ මොහොතින්  විවෘත කිරීම සඳහා උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ සහ  මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් පෙරවරු 9.30 ට පමණ එම ස්ථානයට පැමිණි මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර සහ බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර පොල්තෙල් පහන දල්වා නව සති පොල  විවෘත කරනු ලැබුවා.  

 කෙසේ වෙතත් ඉන් පැයකට පමණ පසු එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ සහ රවුෆ් හකීම්, මහරගම නව සති පොල යළිත් වරක්  විවෘත කරනු ලැබුවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories