විල්පත්තු අභයභූමියේ අක්කර 2500ක් වන විනාශයක්

Sunday, 28 June 2015 - 18:48

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+2500%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විල්පත්තු උතුරු අභයභූමියේ අක්කර 2500ක පමණ වන විනාශයක් සිදුව ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් නිහාල් රූබසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විල්පත්තුව අභයභූමිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇතුළත් වාර්තාව තමන් වෙත ලැබී ඇති බවයි. විල්පත්තු අභයභූමියේ නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව පසුගිය කාලය පුරා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විල්පත්තුව අභයභූමියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර, එහිදී හෙළි වී ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමිය ප්‍රදේශය තුළ අක්කර 2500ක භූමි ප්‍රමාණයක වන විනාශයක් සිදුව ඇති බවයි.

හිරු සී.අයි.ඒ. හරහා විල්පත්තු අධි සංවේදී කලාපයට සිදුකර ඇති විනාශය දර්ශන සාක්ෂි සහිතව හෙළි කිරීමත් සමඟ එය පසුගිය කාලයේ සමාජයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්වුණා. විල්පත්තු අභයභූමියේ සිදුවන වන විනාශයට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවට පවසමින් පසුගිය 18 වන දා සිංහල රාවය සංවිධානය කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා. එමෙන්ම පරිසර සංවිධාන සහ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණේ විල්පත්තුව අභයභූමියේ සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන්.

පරිසර අමාත්‍යාංශ ලේකම් නිහාල් රූබසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සදහන් කළේ විල්පත්තුව අභයභූමිය අවට නැවත පදිංචි කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් ගැටළු පවතින බවට කරුණු හෙළි වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories