මහින්දට සන්ධානයෙන් නාමයෝජනා දීමට ජනපති එකඟවෙයි ?

Monday, 29 June 2015 - 12:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ 6 පුද්ගල කමිටුවේ වාර්තාව අද (29) දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න ප්‍රකාශ කළා. එහෙත්, එම කමිටුවේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන අදහස් දක්වමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සඳහා ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි.

මේ අතර, පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතව සිටි නිදහස් සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත අද උදෑසන යළි දිවයිනට පැමිණියා. කෙසේ වෙතත් පත්තරේ - විස්තරේ වැඩසටහනට අදහස් දක්වමින් ටී.බී. ඒකනායක හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නාමයෝජනා ලබාදිය යුතුය යන අදහසේ නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ද සිටින බවයි.

කෙසේ නමුත්, නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්තට තනි තීරණ ගත නොහැකි බව නිදහස් පක්ෂයේ උපලේකම්වරයෙකු ද වන අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

නිදහස් සන්ධානය දේශපාලන පක්ෂ 14 කින් සැදුම්ලබන අතර දැනට එහි විධායක සභාව නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 58 ක්. ඉන් අඩක්ම නියෝජනය කරන්නේ නිදහස් පක්ෂ සාමාජිකයින්. නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනවා. මේ අතර, නිදහස් සන්ධානය නියෝජනය කරන වමේ පක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඉදිරි මහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories