සුසිල්, නිමල්, අනුර පැය 3 ක් සාකච්ඡා කර පැය 4 ක් ජනපති හමුවේ කරුණු කියයි

Tuesday, 30 June 2015 - 7:34

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහමැතිවරණයේදී නිදහස් පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (29) දීර්ඝ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඔවුන් පැය 3 ක් තිස්සේ මෙලෙස පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵල ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකිරීම සඳහා පැය 4 ක් සාකච්ඡා කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සමීප මන්ත්‍රීවරුන් එකම කණ්ඩායමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස සියලූ කණ්ඩායම් එකතු කරගෙන මහ මැතිවරණයට තරඟ වැදීම යෝග්‍ය බව එහිදී ගෙන ඇති තීරණය බව සඳහන්.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබාදෙන්නේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තාවන්නේ නැහැ. එහිදී සාකච්ඡා වී ඇති කරුණු ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම්දීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ 6 පුද්ගල කමිටුවේ වාර්තාව අද දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තාවන්නේ.

අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුඛ පරික්ෂණ කැඳවීම ද අද සිට ආරම්භ වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාළව එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ඇති. ඒ සඳහා නාමයෝජනා මණ්ඩල කමිටු 5 ක් සකස් කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories