සුසිල් සහ අනුර යාපා, හිටපු ජනපති හමුවීමට මහනුවර යයි

Tuesday, 30 June 2015 - 12:40

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා සහ නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අද (30) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධීකරණ කිරීමට පත් කළ කමිටුවේ සභාපති ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න පවසනවා. ඔවුන් දෙදෙනා මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයා රැදී සිටින මහනුවර බලා පිටත්ව ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබඳව සාකච්ජා කිරීමට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා ඊයේ ජනාධිපතිවරයා හමු වුණා. එහිදී සාකච්ජාවට බදුන් වූ කරුණු හිටපු ජනාධිපතිවරයාට නිදහස් සන්ධාන සහ නිදහස් පක්ෂ මහ ලේකම්වරුන් අද දිනයේ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධීකරණය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාවද මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී නැහැ. මේ පිළිබඳව ද කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් මෙතෙක් වේලාවක් ලැබී නොමැති බවයි. කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු වන නිදහස් සන්ධාන සහ නිදහස් පක්ෂ මහලේකම් වරුන් කොළඹට පැමිණි පසු අදාල වාර්තාව භාර දීමට අපේක්ෂා කරන බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම මැදමුලනදී හෙට සිදුවන බව හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරන කණ්ඩායමේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ප්‍රකාශ කළා.

හෙට පෙරවරු 10.30ට වීරකැටියේ මැදමුලන සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සඳහන් කළා.

මේ අතර, නිදහස් පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය අද මුල වරට රැස්වුණේ පක්ෂ මූලස්ථානයේදී. ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා බස්නාහිර පළාතෙන් සහ වයඹ පළාතෙන් අයදුම්පත් යොමු කළ අපේක්ෂකයින් 182 අද දිනයේ සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරන බවයි නාම යෝජනා මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories