විල්පත්තුව අවට ගැටළු පවතින බව පරිසර ලේකම් පිළිගනී

Tuesday, 30 June 2015 - 22:57

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විල්පත්තු උතුර අභයභූමිය සහ කල්ලාරු වනාන්තරය හෙළි පෙහෙළි කර නැවත පදිංචි කළ පවුල් සම්බන්ධයෙන් ගැටළු පවතින බව පරිසර අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අදාළ ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් ඉදිරිපත් කර ඇති තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ ගැටළු පවතින බවයි. නැවත පදිංචි කිරීම් සඳහා ලබාදුන් ඇතැම් බිම් ප්‍රමාණයන්ට වඩා වනාන්තර එළිපෙහෙළි කර ඇති බව වන සංරක්ෂණ ජනරාල් අනුර සතරසිංහ ද අනාවරණ කළා.

විල්පත්තු උතුර අභය භූමිය සහ කල්ලාරු වනාන්තරය ආශ්‍රීතව නැවත පදිංචි කිරීම් මුවාවෙන් වන විනාශයක් සිදුවන බවට පසුගිය අප්‍රේල් 22 වැනිදා මුල්වරට රටට හෙළි කළේ හිරු සී.අයි.ඒ. මගින්. එසේම පෙරියමඩු රක්ෂිතයේද නැවත පදිංචි කිරීමේ මුවාවෙන් වන විනාශයක් සිදුවන බවට අප පෙන්වා දුන්නා. දිගින් දිගටම හිරු ප්‍රවෘත්ති සිදුකළ අනාවරනය හමුවේ බලධාරින්ගේ අවධානය ඒ පිළිබඳ යොමුවූ අතර, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළා. අදාළ වාර්තාව මගින් අනාවරණ වී ඇත්තේ 2013 වසරේ නැවත පදිංචි කිරීම් වෙනුවෙන් ලබාදුන් ඇතැම් භූමි ප්‍රමාණයන් ඉක්මවා වනාන්තරය හෙළි පෙහෙළි කර ඇති බවයි.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් මරිච්චිකඞ්ඩි සිට සිලාවතුර දක්වා මාර්ගයේ 23 වන කිලෝමීටර් කණුවේ සිට 29 වන කිලෝමීටර් කණුව දක්වා වන සංරක්ෂණයට අයත් ඉඩම් නිසි තක්සේරුවකින් තොරව මුදාහැර තිබීම කණගාටුවට කරුණක්. 2009 වසර වනවිටත් සම්පූර්ණයෙන්ම වනයෙන් වැසී තිබූ අදාළ ප්‍රදේශය වසර 5 ක් තුළ ජනාවාසයක් බවට පත්ව තිබෙනවා. 1978 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැකසූ සිතියම්වලින්ද පැහැදිලි වන්නේ මෙම ප්‍රදේශයේ ජනාවාස නොපැවති බවයි. පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා මිහිතලයේ හදවත බඳු වනාන්තර විනාශ කිරීමට ගත් මෙම වැරදි සහගත ක්‍රියාවලිය නිවැරදි වන්නේ කවදාදැයි ගැටලූවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories