එයාගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නේ

Wednesday, 01 July 2015 - 19:32

%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂය තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනිි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  පවසනවා.  මිනුවන්ගොඩ රෝහලේ අද (01)පැවති දානමය පිංකමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු  ලෙසයි හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවේ රට ගොඩනැගීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිනිය සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.

ප්‍රශ්නය : හිටපු ජනාධිපතිනිය දේශපාලනයට පිවිසෙනවා කියලා පුවත්පත්වල සඳහන් වෙනවා.

පිළිතුර : ‘‘මෙතන ඒවා කථා කරන්නේ නැහැ.’’

ප්‍රශ්නය : හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා ඡන්දෙ ඉල්ලනවා කියලා.

පිළිතුර : ‘‘අපේ පක්ෂයෙන් නම් තීන්දු කරලා නැහැ ඉල්ලනවා කියලා.’’

ප්‍රශ්නය : ප්‍රකාශයක් කරලා තියෙනවා

 පිළිතුර : ‘‘එයාට කරන්න පුළුවන්. ඉතිං එයා කරන ප්‍රකාශ කවුද ගණන් ගන්නේ. අපේ පක්ෂය වෙනම තැනකනේ තියෙන්නේ. පක්ෂේ සභාපති කෙනෙක් ඉන්නවා. පක්ෂයක් තියෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories