දළදා පෙරහර ඇතුලූ සංස්කෘතික උත්සවවලට හීලෑ අලි ඇතුන් අහිමිවෙයිද?

Thursday, 02 July 2015 - 9:05

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%93%E0%B6%BD%E0%B7%91+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
පෙරහර සඳහා අලි ඇතුන් ලබාදීමට නොහැකි වුවහොත් තමන් දළදා වහන්සේගේ සමාව ඉල්ලා සිටින බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු ඇතුළත් කරමින් විශේෂ ලිපියක්ද එම ව්‍යාපාරය ශ්‍රී දළදා මාළිගාවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග වෙත ඊයේ භාරදුන්නා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ හීලෑ අලි ඇතුන් සඳහා බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයක්ද පවතින බවයි. මේ හේතුව නිසා අලි ඇතුන් පෙරහර සඳහා යොමු කිරීමට අලි හාම්පුතුන් මැලිකමක්ද දක්වන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

එමෙන්ම හීලෑ අලි ඇතුන් මියයාම සහ අතුරුදන්වීම පිටුපස විදෙස් තානාපති කාර්යාල දෙකක් සිටින බවයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories