Update: මිලියන 5ක ගණුදෙනුවක්! මහඇමතිගේ බිරිඳගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

Thursday, 02 July 2015 - 16:48

Update%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%21+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳ වන මොරින් රණතුංගගෙන් අද (02) පැය 07 කට අධික කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරනු ලැබුවා. ඒ මිලියන 5 ක ඉඩම් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව පවතින පැමිණිල්ලකට අදාළ ගිවිසුමක්  පිළිබඳවයි. ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම අද පෙරවරු 10 පමණ ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

 මේ අතර, අද  පස්වරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ තමාගේ නිවැරදිභාවය පිළිබඳ  රටට හෙළි කරන බවයි.


Update: thursday, 02 July 2015 - 19:18
-----------------------------------------------------

 මිලියන 5ක ඉඩම් ගණුදෙනුවක් ගැන බස්නාහිර ප්‍රසන්නගේ  බිරිඳගෙන්  තවදුරටත්  ප්‍රශ්න කරයි     


බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳ වන මොරින් රණතුංගගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිටත්  ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඉඩම් සිද්ධියක් පිළිබඳව මෙම ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි එම කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පෙරවරු 10 ට පමණ  ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

මිලියන 5ක ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඊට සම්බන්ධ බවට පැවසෙන ගිවිසුමක් පිලිබඳ  ප්‍රසන්න රණතුංගගේ බිරිඳගෙන්  ප්‍රශ්න  කරන බවයි  පැවසුවේ .


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories