Update: මහින්දට නාමයෝජනාදීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Thursday, 02 July 2015 - 19:04

Update%3A++%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එහිදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කළ බවයි මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නායකයෙකු සඳහන් කළේ.

නිදහස් සන්ධානය දේශපාලන පක්ෂ 14 කින් සැදුම්ලබන අතර දැනට එහි විධායක සභාව නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 58 ක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට පිවිසීමට ගන්නා  උත්සාහය පිලිබඳ අද (02) පැවති මාධ්‍ය හමු රැසක දී  අදහස් පළවුණා.



අද රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි.

මේ අතර, කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා.



 මේ අතර මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ  තමන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ජනතා ඉල්ලීම මත තීරණය ගත්  බවද හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සුළු පක්‍ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බවයි.

හිටපු ජනපතිගේ මැදමුලන විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories