නයිජීරියාවේ - බොකෝහරාම් තවත් ජීවිත 150 ක් බිලිගනී

Friday, 03 July 2015 - 8:09

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+150+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නයිජීරියාවේ - බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායම් ඊසාන දිග නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ ගම්මාන 3 කට කඩා වැදී එල්ල කළ ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 150 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය අඟහරුවාදා සිට ඔවුන් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, පළමු ප්‍රහාරයේදී මියගිය ගම්වාසීන්ගේ සංඛ්‍යාව 48 ක්. බදාදා සන්ධ්‍යාවේදී චෑඞ් විල අසල කුකාවා ගම්මානයට එල්ල වූ බොකෝහරාම් ප්‍රහාරයෙන් පුද්ගලයන් 97 දෙනෙකු මියගියා. ළමයින් සහ කාන්තාවන් ද ඒ අතර සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර, නයිජීරියානු හමුදා මෑතකදී නැවත අත්පත් කර ගත් මොන්ගුනෝ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයකදී සිදුවූ බෝ්ම්බ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම උත්සවය පවත්වා ඇත්තේ බොකෝහරාම්වරුන් එම ප්‍රදේශයෙන් පළවා හැරීම සමරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories