සන්ධානයෙන් මහින්දට නාම යෝජනා

Friday, 03 July 2015 - 15:39

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. එහි සදහන් වන්නේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහමැතිවරණයේදී සන්ධානයෙන් තරඟ කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් වනු ඇති බව ද එහි සදහන්. නාම යෝජනා අවසන් වීමෙන් පසු සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ආරම්භ කරන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



එම මාධ්‍ය නිවේදනය පහතින්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories